පුත්තලමේ විහාරස්ථානයක හිමිවරු දෙනමකට අමානුෂිකව පහර දිලා

පුත්තලමේ විහාරස්ථානයක ආරම්භයේ සිට වැඩ වාසය කළ හිමිනමකට හා තවත් හිමිනමකට අමානුෂිකව දායක සභාවේ පිරිසක් විසින් පහරදී තිබෙනවා.

මෙම පහරදිම නිසා බරපතල තුවාල ලැබු හිමිවරුන් පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසනවා.

මෙම විහාරස්ථානය වසරකට පෙර ආරම්භ කර ඇති අතර එහි ආරම්භයේ සිට යම් යම් හිරි හැර මැද මෙම භික්ෂුන්වහන්සේලා එහි වැඩවාසය කරන බවයි වාර්තා වන්නේ.

දායක සභාවේ පිරිසක් අතර දිගින් දිගටම ඇතිව තිබු ආරවුලක් මත මෙම අමානුෂීක පහර දීම් සිදුව ඇති බවට වාර්තා වනවා.

මෙම ආරවුල හේතුවෙන් පසුගිය දිනවල මෙම හිමියන්ගේ හම්බන්තොට ගොස් නැවත විහාරස්ථානයට පැමිනි අවස්ථාවේදි එම හිමියන් රැදි සිටි ගොඩනැගිල්ලේ දොර අගුලු කඩා උන් වහන්සේට අයත් දෑ සොරකම් කර තිබෙනවා.

ඉන් පසුව ඒ බව පුත්තලම මුලස්ථාන පොලිසියට ගොස් පැමිණිලි කර නැවත මෙම විහාරස්ථානයට පැමිණ සිටියදී කඩා වැදුණ දායක සභාවේ පියකු හා පුතෙකු ඇතුළු පිරිසක් ඉතා අමානුෂීකව පහර දී තිබෙනවා.

මෙම පහර දීමට සම්බන්ධයෙන් පොලිසිය විසින් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.

Author

1 Comment

  • he is a Criminal,
    Please do not issue a visa UK government. This kind of person when they go to u do things bigger than that, Criminal.

Comments are closed.

Related Posts