අන්තරේ කැඳවුම්කරු මධුශාන් අත්අඩංගුවට

නිදහස් අධ්‍යාපනය වනසන අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙන්ම තවත් කරුණු කිහපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පුංචි බොරැල්ල මංසන්ධියෙන් විරෝධතාවක් අද (06) ආරම්භ කර තිබුණා.

එහිදි විරෝධතාව ආරම්භ කිරීමත් සමඟ පොලිසිය විසින් ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරිමට ක්‍රියාකළා.

ජල ප්‍රහාර හමුවේ ජාතික රෝහල දෙසට දිව ආ මොහොතේ දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුශාන් චද්‍රජිත් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේවන විට අත්අඩංගුවේ පසුවන මධුශාන් චන්ද්‍රජිත් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Author

Related Posts