මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම පිළිබඳ කරුණු විමසීමට මහබැංකු නිලධාරීන් එළඹෙන 05 වන දා පාර්ලිමේන්තුවට කැඳවීමට නියමිතයි.
ඒ අනුව, එළඹෙන 5 වනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට මහබැංකු නිලධාරීන් කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුව එළැඹෙන 5,6 සහ 7 යන දිනවලදී රැස්වීමට නියමිත අතර මහබැංකු වැටුප් වැඩිකිරීම අසාධාරණ බවට පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී පක්ෂ විපක්ෂ සියලු දෙනාම අදහස් දැක්වුවා.
මහබැංකු නිලධාරීන් වහාම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්රීවරයා එහිදී කතානායකවරයාගෙන් දැඩි ලෙස ඉල්ලීමක් කළා.
මේ පිළිබඳ මහබැංකු නිලධාරීන්ගෙන් අදහස් විමසීම කළ යුතු බව පක්ෂ හා විපක්ෂ මන්ත්රීවරුන්ගේ ද මතය විය.
