මට තාම සල්ලි ලැබුණේ නැහැ – අනෙක් අයට ලැබිලා.. ඇමැති සනත් නිශාන්ත
ආයි ගහන්න ආවොත් පොලියත් එක්ක වන්දි ගෙවන්න වෙයි -අපි දැන් ගේමට බැහැල ඉවරයි.. ඇමැති ප්‍රසන්න රණතුංග
ඉකුත් වසරේ මැයි 09 රටපුරා දේශපාලනඥයන්ට අයත් නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමට අදාළව වන්දි මුදල් ගෙවීම රජය ආරම්භ කර ඇති බවත් පසුගිය රජයේ දේශපාලනඥයන් 15 කට ආසන්න පිරිසකට වන්දි මුදල් ගෙවා ඇති බවත් දිවයින පුවත්පත ජුලි 18 දින වාර්තා කර ඇත.
නිවාස සහ දේපළ විනාශයට පත්වූ දේශපාලනඥයන් 72 දෙනකු වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට මේ වනවිට අනුමැතිය ලැබී ඇති බවත් අදාල පුවත්පත වාර්තා කර ඇති අතර ඇතැම් දේශපාලනඥයන් සිය දේපළ විනාශවීම සම්බන්ධයෙන් රක්‍ෂාවරණ වන්දි විශාල ප්‍රමාණයක්ද ලබාගෙන ඇති බවත් පුවතේ සදහන් කර ඇත.
අදාල විනාශ වු දේපළ, නිවාස සහ භාණ්ඩවල වටිනාකම තක්සේරු කිරීම සඳහා විශේෂ කණ්ඩායම් කීපයක් රජය පත් කර තිබුණු අතර එම කණ්ඩායම් අදාළ වාර්තා මේ වනවිට ලබාදී ඇති බවත් එම වාර්තාවලට අනුව මෙම වන්දි මුදල් ගෙවීම් ආරම්භ කර ඇති බවත් පුවත්පත වාර්තා කර ඇත.
මෙහි මූලික අදියර යටතේ විනාශයට පත්වූ ගොඩනැඟිලි සඳහා වන්දි මුදල් ලබාදෙන බවත් දෙවන අදියර යටතේ විනාශයට පත්වූ වාහන සහ බඩු භාණ්ඩ සඳහා වන්දි ලබාදීමට නියමිත බවත් පුවත්පත වාර්තා කර ඇත.
මට තාම සල්ලි ලැබුණේ නැහැ – අනෙක් අයට ලැබිලා.. ඇමැති සනත් නිශාන්ත
කෙසේ වෙතත් තමන්ට අදාල වන්දි මුදල ලැබුණේ දැයි දිවයින පුවත්පත රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගෙන් විමසීමක් කළ බවත් ඔහු පවසා ඇත්තේ විනාශයට පත්වූ තම දේපළ වෙනුවෙන් වන්දි මුදල් මෙතෙක් නොලැබුණු බවත් පිරිසකට එය ලැබුණු බවට තමාටද දැනගන්නට ලැබුණු බවත්ය.
ආයි ගහන්න ආවොත් පොලියත් එක්ක වන්දි ගෙවන්න වෙයි -අපි දැන් ගේමට බැහැල ඉවරයි.. ඇමැති ප්‍රසන්න රණතුංග
ශ්‍රී ලංක පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලයට ජුලි 16. දින පැවැති සමුලුවක් අමතමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා ඇත්තේ යලි ඔවුන්ට ජනතාව පහර දෙන්න පැමිණියහොත් පොලියත් එක්ක වන්දි ගෙවීමට සිදුවන බවත්ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් රණතුංග මහතා මෙසේද පවසා තිබුණි.
‘පසුගිය වසරේ මැයි 09 වැනිදා අභියෝග ගැටලුවලට මුහුණ දීලා පක්ෂය සාර්ථක කරගන්නෙ කොහොමද කියලා කල්පනා කළා. මගේ පියා වන රෙජී රණතුංග මහතාට ශක්තියක් වුණු සියලු දෙනාම මේ අවස්ථාවට සහභාගි වනවා. 77 දීත් රෙජී මහතාගේ ගේත්ගිනි තිබ්බා. එතුමාගේ පළමු බලමණ්ඩලයට 13 දෙනයි ආවේ. ඒ වුණත් එතුමා ඉතාම ශක්තිමත්ව දේශපාලන ගමන ආරම්භ කළා.පසුගිය වසරේ මැයි 09 වැනිදා කුඩුකාරයෝ අරගලය කියාගෙන කරපු අරගලය ඉතාම සැලසුම්සහගතවයි කළේ. ලංකාවේ නිවාස 300ක් ගිනි තිබ්බා. වැඩිම අලාභය කළේ ගම්පහ දිස්ත්‍රික්කයටයි. අපේ ආසනයේ නිවාස 13 ක් ගිනි තිබ්බා.අරගලයෙන් පසුව මම නැවත මිනුවන්ගොඩට ඇවිත් ගිනි තියපු කාර්යාලය හදාගෙන වැඩ ටික පටන් ගත්තා. ගෙවල් ගිනි තියලා මිනී මරලා අපිව වට්ටන්න බැහැ.1977 ගෙවල් ගිනි තිබ්බා. 1994 දී විරුද්ධ පාක්ෂිකයන්ගේ ගෙවල් ගිනි තියන්න අපි ඉඩ දුන්නේ නැහැ. හැබැයි මින් ඉදිරියට අපේ පාක්ෂිකයන්ට හිරිහැර කළොත් ඒවාට පොලියත් සමග වන්දි ගෙවන්න වෙයි. අපි දැන් ගේමට බැහැල ඉවරයි.’
එදා බස්, දුම් රිය, රජයේ ගොඩනැගිලි විනාශකලා සේම මෙවරත් ජෙප්පො එකතුවී බොහොමයක් ඇමති, මංත්‍රී, තරහ කාරයන්ගේ, කප්පම් නොදුන් අයගේ ගෙවල් ගිණිතැබුවා. ඒත් වන්ඳි ගෙවන්නේ අපි.