හොරෙන් දුරකතන ගෙනා චීන 3ක් මාට්ටු

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ භාණ්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාර්ගය හෙවත් ග්‍රීන් චැනල් මගින් පිටවීමට උත්සාහ කළ චීන ජාතිකයින් තුන්දෙනෙකු නීති විරෝධීව රැගෙන ආ ජංගම දුරකතන 87ක් හා බැටරි 140ක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ.

එසේ අත්අඩංගුවට ගත් ජංගම දුරකතන හා බැටරිවල මුළු විටිනාකම රුපියල් 5,140,000ක් බව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

මැයි 19 දින ‘චයිනා ඊස්ටර්න්’ ගුවන් යානයෙන් චීනයේ ෂැංහායි සිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි 35 හැවිරිදි චීන ජාතිකයකු ග්‍රීන් චැනල් මාර්ගයෙන් පිටව යෑමට තැත් කිරීමේදී තීරු බදු රහිත සාප්පුවලින් ලබාගත් ටොපි චොකලට් දැමූ කවරයක් තුළ තිබී ජංගම දුරකතන මුලින්ම හමුවී ඇති අතර පසුව ඔහුගේ ජැකට්ටුව තුළ තුළ සඟවා තිබූ තවත් ජංගම දුරකතන තොගයක්ද හමුවී තිබේ.

ඊට අමතරව ඔහු සමඟ පැමිණි චීන ජාතික කාන්තාවකගේ මේස් තුළ සඟවා තිබූ හා ඔවුන් සමඟ පැමිණි තවත් චීන ජාතිකයකුගේ ගමන් මල්ලේ සඟවා තිබී මෙම ජංගම දුරකතන හා බැටරි අත්අඩංගුවට ගෙන තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading