තත්ත්වයෙන් බාල බවට හඳුනාගත් ඩොලර් මිලියන ගණනාවක වටිනාකමින් යුත්, ඖෂධ හා වෛද්‍ය උපකරණ 64 ක් භාවිතයෙන් ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය ජූලි 17 දින විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර තිබුණි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකවල සහ රුධිර පීඩන තත්ත්වයන් පවත්වාගෙන යෑම සඳහා භාවිතා කරන dobutamine ‘නමැති ඖෂධය ද තත්ත්ව පරීක්‍ෂණවලදී ගුණාත්මකභාවය අඩු බවට ලද සැකය මත වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත්කොට ඇත.
හදිසි වෛද්‍ය ප්‍රතිකාරවලදී හෘදය වේගය අඩු වන අවස්ථාව හා රුධිර පීඩන වේගය අඩුවන අවස්ථාවේදී මෙම ඖෂධය බොහෝ විට භාවිතා කරන අතර හදිසි වෛද්‍ය ප්‍රතිකාර දැඩිසත්කර ඒකක හා එම රෝහල්වල හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඖෂධ කාණ්ඩවල මෙම ඖෂධය අත්‍යවශ්‍ය සාධකයකි.
මෙයට අමතරව ඇස්ප්‍රීන්, බෙටඩීන්, කොඇමොක්සික්ලෙව්, මෙට්‍රනයිඩසෝල්, පිපරසිලින්, අක්ෂි කාච, සේලයින් කැනියුලා ඇතුළු මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය දිනපතා භාවිතා කරන විශාල ඖෂධ හා ශල්‍ය උපකරණ රැසක් පසුගිය මාස 6 ක කාල සීමාව තුළදී වෛද්‍ය සැපයුම් ඒකකය මගින් තත්ත්වයෙන් බාල බවට ලද පැමිණිලි මත භාවිතයෙන් ඉවත් කොට ඇති බව ඔවුන්ගේ නිල වෙබ් අඩවිය සඳහන් කර ඇත.
මෙම බොහෝ ඖෂධ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධ වීම විශේෂත්වයකි.
කෙහෙළියට එරෙහිව විශ්වාසභංගයක්!
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කවැල්ල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසා තිබුණි.
මම සුද්‍රනම් – කෙහෙළිය කියයි
සුළු පිරිසකගේ විරෝධය හමුවේ තමන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජුලි 17 දින ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් පවසා තිබුණි.
ප්‍රශ්නය – ඉස්පිරිතාල ඉස්සරහට ගිහින් වෛද්‍යවරු, රෝගීන්, වෘත්තීකයින් අස්වෙන්න කියනවා. අස්වෙනවා ද?
“100ක් 200ක් ඇවිත් කිව්ව පළියට අස්වෙන්න නම් සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. බොහෝම පැහැදිලිව කියන්නට ඕනේ මේ සම්බන්ධව සුළුවට තකන එක නෙමෙයි මගේ අදහස. ඒ සම්බන්ධයෙන් සංවේදී නොවන එක නෙමෙයි. මේ හැමදේකටම අපි සංවේදි වෙන්නත් ඕනේ. මිලියන 22කගේ නිදහස් සෞඛ්‍යයට මේ ගහන ප්‍රහාරයට මුහුණදෙන්න ඕනේ. ඒකට මම සුදානම්.”
ප්‍රශ්නය – මට කියන්න කවුද කුමන්ත්‍රණකරුවා කියලා…?
“කුමන්ත්‍රණකරුවා දන්නවා නම් මම බෙල්ලෙන් අල්ලාගෙන එනවා. CIDයට භාරදෙනවා හෙටම. ඒක සම්බන්ධව තමා මේ වෙනකොට අවශ්‍ය ආයතන, කණ්ඩායම් එක්ක අපි කටයුතු කරගෙන යන්නේ. ඒක මට මේ වෙලාවේ කියන්න බෑ.”
ප්‍රශ්නය – ලංකාවේ නිදහස් සෞඛ්‍ය විනාශ කරන්න කාටද උවමනාව තියෙන්නේ ?
“ඒක ඉතින් ඔබතුමාට තේරෙන්න එපැයි මෙතෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේක විනාශ කරන්න හදන පාපතරයෝ ඉන්නවා. නිදහස් සෞඛ්‍ය සම්බන්ධව සැකයක් ඇති කිරීමේ උවමනාවක් තියෙන කෙනෙකුට නම්, එය නිවැරදි කිරීමේ හැකියාවකුත් අපිට තියෙනවා. රටට නිවැරදි තත්ත්වයන් ඉදිරිපත් කරන්න ඔබටත් මටත් කරන්න බෑ. ඒ සම්බන්ධව ඉන්න අති විශිෂ්ට විශේෂඥයෝ තමා අද ඒ කර්තව්‍ය භාරගෙන ඉන්නේ. මේක මේ රෝසමල් යහනාවක යන ගමනක් නෙමෙයි. ඉතාමත් අභියෝගාත්මක වැඩක්.”
ලෝකයේ හොඳම ඖෂධ පාවිච්චි කළත් මිනිස්සු මැරෙනවා! ඒක සාමාන්‍යයයි – සමන් රත්නප්‍රිය කියයි
හදිසි අවස්ථාකදී ආනයනය කළ ඖෂධ පරීක්ෂා කිරීමට කල්ගත නොහැකි බවත් ලෝකයේ ඕනෑම හොඳ ඖෂධයක් භාවිතා කළත් ලක්ෂයට එක් අයෙකු හෝ දෙදෙනෙකු එම ඖෂධ අසාත්මිකතා ඇති වී මිය යෑම සාමාන්‍ය දෙයක් බවත් ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්‍නප්‍රිය පවසා තිබුණි.
ඒ මහතා මේ බව පවසා සිටියේ ජූලි 15 වන දින අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති රැළියකදීය.
සෞඛ්‍ය අමාත්‍යංශය මිලදී ගෙන ඇති ඖෂධ අසාත්මිකතා වී පසුගිය කාලය පුරාම රෝගීන් මිය යෑම පිළිබඳව මෙසේ කතා කළ සමන් රත්නප්‍රිය මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් රෝගීන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කළ කෙනෙකි.