සෞඛ්‍ය සේවය රැකගන්න මුලින්ම රෝහල්වල විදුලි බිල් ගෙවන්න.. GMOA රජයෙන් හා ඇමැතිගෙන් ඉල්ලයි!

ප්‍රමුඛතා හඳුනා ගනිමින් රජයට සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීමේ අවංක චේතනාවක් තිබේ නම් රෝහල්වල විදුලි බිල් නොගෙවීමේ ගැටලුව වහා විසඳිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ජුලි 16 දින පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වෙත පවසා තිබුණි.

ඇඹිලිපිටිය ඇතුළු සබරගමුව පළාතේ සහ රට පුරා තවත් රෝහල් රැසක විදුලි බිල් නොගෙවීම නිසා විදුලිය කප්පාදු කිරීමේ අවදානමක් මතුව තිබෙන බවත් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඇමැතිවරයා දැනුවත් කළද සෞඛ්‍ය සේවය කඩා වැටීමට ඉඩදී ඔවුන් නිහඬව සිටීම ගැටලුවක් බවත් ඒ මහතා පවසා තිබුණී.

‘විදුලි බිල් නොගෙවීමේ අර්බුදය අද ඊයේ ප්‍රශ්නයක් නෙවෙයි. අපිට සැකයක් තියෙනවා මෙය වුවමනාවෙන් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැට්ටවීමට ගෙන යන වැඩපිළිවෙළක් කියා. මේ විදුලි බිල් ඊයේ පාව්චිචි කරලා අද ගෙවන්න දාපුවා නෙවෙයි. ඇතැම් රෝහල්වල විදුලිය විසන්ධි කිරීමට පවා තීරණ ගත්තා. නමුත් රජය හෝ ඇමැතිවරයා ප්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කළේ නැහැ. රෝහලකට විදුලිය අවශ්‍ය වෙන්නේ වාට්ටුවේ පෑන් එක, ලයිට් එක පත්තු කරන්නම නෙවෙයි. ශල්‍යාගාර වැඩ, දැඩිසත්කාර ඒකක සහ සියලු උපකරණ සඳහා විදුලිය වැදගත් වෙනවා.තත්ත්වය අවබෝධ කර නොගෙන ඇමැතිවරයා සහ බලධාරීන් කටයුතු කරන්නේ නම් රෝගී ජනතාවගේ ජීවිත මරු කටට යෑම වැළැක්විය නොහැකි යැයි’ ඒ මහතා වැඩිදුරටත් පවසා තිබුණී.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading