බේසමේ ගිල්වමින් කෘරත්වයට ලක් වූ දරුවා, වැල්ලම්පිටියෙන් හමු වේ

වතුර බේසමක ගිල්වා කුඩා දරුවෙකු කෘෘරත්වයට පත් කරන වීඩියෝවට අයත් දරුවා වැල්ලම්පිටියෙන් සොයාගෙන ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාශය ප්‍රකාශ කර තිබේ.

දරුවා ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම දරුවාව කෘරත්වයට පත් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වීමෙන් පසු, එම දරුවා හඳුනාගැනීම සඳහා පොලීසිය සමාජයේ සහයෝගය ඉල්ලා තිබුණි.

මේ වන විට හඳුනාගෙන ඇති මෙම දරුවාගේ පියා හෘදයාබාධයකින් මියගොස් ඇති අතර, මව මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටී.

මෙලෙස දරුවාව කෘරත්වයට පත් කර ඇත්තේ දරුවාගේ ලොකු අම්මා සහ ලොකු තාත්තා භාරයේ සිටියදී, ලොකු තාත්තා අතින්ය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading