බුස්ස බන්ධනාගාරයේ සිට ඇප ලබා ගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 16ක් රටින් ගිහින්

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිට ඇප ලබා ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ යැයි චෝදනා ලැබූ ප්‍රබලයන් අතරින් 16 දෙනෙක් පමණ රටින් පළා ගොස් ඇති බව අරුණ පුවත්පත වාර්තා කර ඇත.

බුස්ස බන්ධනාගාරයේ රඳවා සිට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි චෝදනා ලැබු විසිපස්දෙනෙකු අතරින් 16 දෙනෙකු මෙසේ පළා ගොස් ඇති බව බුද්ධි අංශ මගින් සිදු කළ විමර්ශණයකින් අනතුරුව හෙළි වී ඇති බව වාර්තා වේ සදහන් කර ඇත.

අදාල පිරිස වසර දෙකක කාලයක් තුළ ඇප ලබා ගෙන ඇති බවත් එහින් බහුතරයක් ව්‍යාජය ගුවන් බලපත්‍ර මඟින් හා බෝට්ටු මඟින් මෙරටින් පලාගොස් ඇති බවත් වාර්තාවේ සදහන් කර ඇත.

ගණේමුල්ල සංජීව, කන්ජිපානි ඉම්රාන් සහ ආමි සම්පත් වැනි ප්‍රධාන පෙළේ පිරිසක් මෙලෙස රටින් පලා ගිය පිරිසේ සිටින බව වාර්තාවේ සදහන් කර ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading