මෛත්‍රි වන්දි මුදල් කොටසක් ගෙවයි! මිලියන 15ක් !

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයට අනුව ඔහු වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

එසේ වන්දි ගෙවා ඇත්තේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෝසමේ සඳහන් කර තිබෙන්නේ තමන්ට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප් වශයෙන් මාසිකව රුපියල් 97,500 ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ද ආදායම වශයෙන් ලැබෙන බවය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ රුපියල් මිලියන 100 ක් වන්දි මුදල අතුරින් ඉකුත් ජුනි මස 28 වැනිදා රුපියල් මිලියන 10 ක් සහ රුපියල් මිලියන 5 ක් බැගින් රුපියල් මිලියන 15 ක මුදලක් වන්දි වශයෙන් හානිපූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූවන්ගේ අරමුදලට ගෙවා ඇති බවත් එම මෝසමේ සඳහන් කර ඇත.

සබැදී පුවත්

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading