පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට මෛත්‍රි තව දින 4කින් කෝටි 10 ගෙවයිද?

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් කෝටි 10ක වන්දියක් මාස 06ක් ඇතුළත ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ කාලය එලබෙන ජූලි 12 දා අවසන් වන බව මාධ්‍ය වාර්තා කර තිබුණී.

අදාල වන්දි මුදල ගෙවන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය ලැබුණේ 2023 ජනවාරි 12 දිනය.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය සත්පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීන්දුවක් දෙමින් අදාළ වන්දි මුදල් මාස 6ක් ඇතුළත ගෙවන ලෙස හිටපු ජනාධිපතිවරයාට අදාල වන්දි මුදල ගෙවන ලෙස නියෝග කර තිබුණද මේ වන තෙක් ඔහු එම මුදල් ගෙවා නොමැති බව වාර්තා වේ.

බුද්ධි තොරතුරු ලබා තිබියදී පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අය වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනුවෙන් පාස්කු ප්‍රහාරවල වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස අදාල නියෝගයේ සදහන් කර තිබුණි.

පාස්කු ප්‍රහාරවල වන්දිතයින්ට රුපියල් කෝටි 10ක වන්දියක් ද රුපියල් මිලියන 75 බැඟින් වූ වන්දි ගෙවන ලෙස පුජිත ජයසුන්දරට සහ නිලන්ත ජයවර්ධනට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණී.

රුපියල් මිලියන 50 වන්දියක් ගෙවන ලෙස හේමසිරි ප්‍රනාන්දුට නියම කළ අතර සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කර තිබුණි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading