ශානි අබේසේකරගේ පෙත්සමට තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ඇතුළු 3ක් උසාවි කැඳවයි

2023 සැප්තැම්බර් 11 වැනිදා අධිකරණයට කරුණු දැක්වීම සඳහා පෙනී සිටින ලෙස දන්වමින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්‍ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති සහ ජාතික පොලිස් කොමිසම් සභාවේ සභාපති චන්‍ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන්ට සිතාසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය ජූලී 10 දින නියෝග කර ඇත.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ගොනුකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ නඩුවක් සම්බන්ධයෙන් නියෝග නිකුත් කරමින් අභියාචනාධිකරණ මෙම නියෝගය නිකුත් කර තිබුණි.

එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා රත්නප්‍රිය ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබුණි.

තමන් සම්බන්ධයෙන් දේශපාලන පලිගැනීම් කොමිෂන් සභාව ලබා දී ඇති නිර්දේශ අනුව කටයුතු නොකරන බවට අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබියදීත් එම ප්‍රතිඥාව උල්ලංඝනය කිරීමෙන් පෙර කී වගඋත්තරකරුවන් අධිකරණයට අපහාස කර ඇතැයි පෙන්වා දෙමින් අදාල නඩුව ශානී අබේසේකර මහතා අධිකරණය හමුවේ ගොනුකර තිබිණි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading