Wednesday, October 4

Tag: Steps to provide commercially valuable lands in major cities to investors

කොළඹ වටිනා ඉඩම් ටිකත් දෙනවා! හිල්ටන් එකත් දෙනවා! වෝටර්ස් එජ් එකත් දෙනවා!  අරුන්දික කියයි!
Top News

කොළඹ වටිනා ඉඩම් ටිකත් දෙනවා! හිල්ටන් එකත් දෙනවා! වෝටර්ස් එජ් එකත් දෙනවා! අරුන්දික කියයි!

මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වූ වෙරළ කලාප හා කොළඹ නගරයේ වාණිජ වටිනාකම්වලින් යුත් ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය ආයෝජකයන්ට අවස්ථාව ලබා දී නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසා ඇත. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව පවසා ඇත්තේ ජුලි 21 දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොළඹ, ඇල්ල, නුවරඑළිය, මහනුවර හා ත්‍රිකුණාමලය සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ ලෙස සංවර්ධනය කිරීමට දැනටමත් පියවරගෙන ඇතැයි ද ඔහු පවසා ඇත.  මේ වන විට කොළඹ නගරයේ වාණිජ වටිනාකම්වලින් යුත් ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය ආයෝජකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් පසුගිය කාලයේ පැවති අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් එම ව්‍යාපෘති නතර කර තිබෙනවා. ඒම නිසා අදාළ ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස අප ඔවුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා...