Saturday, December 2

Tag: rohan hettiarachchi

මන්ත්‍රි ජයන්තගේ යෝජනාවට  පැෆරල් පෙත්සමක් ගොනු කරයි
Top News

මන්ත්‍රි ජයන්තගේ යෝජනාවට පැෆරල් පෙත්සමක් ගොනු කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කර ඇති මහ නගර සභා පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එම පනත් කෙටුම්පත බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකට යොමු කරන ලෙසත් ඉල්ලා පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත. අදාල පෙත්සම ජුලි 12 වන දින ගොනු කර ඇත. අදාල පනත් කෙටුම්පතෙහි 155 වගන්තිය අනුව දැනට විසිරුවා හැර ඇති පළාත් පාලන ආයතනවල නව මැතිවරණයක් නොපවත්වා එහි මහජන නියෝජිතයන් යළි කැඳවීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට පවරා ඇති බවත් පෙත්සමේ පෙන්වා දී ඇත අතර ඊට හේතු වශයෙන් වතමන් ආර්ථික අර්බුදය හේතුවෙන් නව මැතිවරණයක් පැවැත්වීම වියදම් අධික කටයුත්තක් වන බැවින්ය. එමගින් තම මූලික අයිතිවාසිකම් කඩවන බවත් සර්වජන අයිතිය උල්ලංඝනය වන බවත් පෙත්සමේ සඳහන් කර ඇත අතර මෙ...