ධනපතියන්ගේ හිස්- පිළිකුල්- කැත ජීවිතේ! Triangle of Sadness
අපි කතා කරන්න යන රූබන් ඔස්ට්ලන්ඩ් කියන ස්වීඩිෂ් ඩිරෙක්ටර්ගේ ට්‍රයිඈන්ගල් ඔෆ් සෑඩ්නස් ෆිල්ම් එක, ලොකු ඛේදවාචකයක් එක්ක ගැටගැහිච්ච ෆිල්ම් එකක්.
උසස් සිනමාව තුළ ඉහළම සම්මානය වන කාන් සිනමා උළෙලේ පාම් දෝ සම්මානය 2022 දී ලැබූ චිත්‍රපටිය මේක වුණත්, මේ කියන ඛේදවාචකය සහ චිත්‍රපටිය එකිනෙකින් වෙනස් කරන්න බෑ. චිත්‍රපටියෙ රඟපෑව ප්‍රධාන රංගන ශිල්පිනිය හරියටම චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙන්න ඔන්න මෙන්න තිබියදී ජීවිතයෙන් සමුගැනීම පිළිබඳ ඛේදවාචකයක්.
ඇය චාර්ල්බි ඩීන් කියන තරුණ, විශිෂ්ඨ රංගන ශිල්පිනිය. අසනීපයකින් රෝහල්ගත කරපු ඇය, ඉක්මනින් අසාධ්‍ය තත්වයට පත්වෙලා හදිසියේ මියගියාලු. ඒ එක්කම තමයි මේ චිත්‍රපටිය රිලීස් වුණේ. කාන් සම්මාන උළෙලේ ප්‍රදර්ශනයෙන් පස්සේ, චිත්‍රපටියට විනාඩි අටක් තිස්සේ ප්‍රේක්ෂකයන් නැගිටලා ඔල්වරසන් නැගුවාලු.
මේකේ කතාව සරල භාෂාවෙන් කීවොත්, යොත් බෝට්ටුවක නිවාඩුවකට යන ධනවතුන් පිරිසක...