Wednesday, October 4

Tag: 1 st elizabeth’ queen

වත ඊයම් කළ මහරැජිණ
Fashion

වත ඊයම් කළ මහරැජිණ

පළවැනි එළිසබෙත් රැජිණ (1558-1603) ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම රැජිණක්. කන්‍යා රැජිණ, ග්ලෝරියානා වැනි නම් ගණනාවකින් ඇයව හැඳින්වුණා. ඇය රූපවාහිනී හා සිනමා තිරවල ප්‍රතිනිර්මාණය වූ අවස්ථාත්, ඉතිහාසයේ ඇයට හිමි තැනත් ඇය ගැන ඇති කතාන්දරත් සැලකූ කල ඇය දෙවැනි වනු ඇත්තේ ක්ලියෝපැට්රා රැජිණට පමණයි. ඒ තරම් ඇය ඓතිහාසිකයි. කොටින්ම කීවොත් ඇය නොසිටියානම් ලංකාවේ ඉතිහාසයත් මීට වඩා වෙනස් වෙන්නට ඉඩ තිබුණා. බි‍්‍ත්‍රාන්යන් ලංකාවට එන්නට පදනම වූ බි‍්‍ත්‍රාන්‍ය දේශ ගවේෂණයේ වැදගත්ම අවස්ථා රැසක් උදාවුණේ එළිසබෙත් රැජිණගේ කාලයේදීයි.  ඇය ඓතිහාසිකව සුවිශේෂී රැජිණක් වන්නේ ඇය ලැබූ ජයග්‍රහණ නිසායි. 1588 දී එවකට යුරෝපයේ ශක්තිමත්ම නාවික බලය හෙබවූ ස්පාඤ්ඤයේ නාවික හමුදාව හෙවත් ආමාඩාව එංගලන්තය ආක්‍රමණය කරන්නට එද්දී ස්පාඤ්ඤ ආමාඩාව මුහුදේදී පරාජය කරන්නට බිත්‍රාන්‍ය නාවික හමුදාව සමත්වුණා. 17 වැනි සියවස වෙද්දී ස්පාඤ්ඤය පරාජය කර...