පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට (ඔක්තෝබර් 27) දිනයේදී දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්යාපන අමාත්යාංශය සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයට අදාළ සෞන්දර්ය විෂයයන්හි ප්රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි පැවැත්වීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
