කොළඹ ඔටස් ක්රීඩා සමාජය පිහිටි ඉඩම තරඟකාරි මිල ගණන් කැඳවීමකින් තොරව එම ප්රදේශයේ පවතින ඉඩම් වටිනාකමෙන් අඩක වටිනාකමකට ප්රයිම් ලෑන්ඩ්ස් සමාගමට ලබාදීමට ජාතික ජන බලවේග ආණ්ඩුව ද කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී පෙරේරා චෝදනා කළේය.
අද (ඔක්තෝබර් 20) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වෙමින් අජිත් පී පෙරේරා එම චෝදනාව එල්ල කළ අතර එහිදී මන්ත්රීවරයා ප්රකාශ කළේ පසුගිය ආණ්ඩුවේ ප්රසන්න රණතුංග විසින් ආරම්භ කළ එම දූෂිත ගනුදෙනුව මෙම ආණ්ඩුව විසින්ද ඉදිරියට ගෙන යමින් පවතින බවත්, මෙම ආණ්ඩුව බලයට පත්වූයේ පරණ දූෂිත ගනුදෙනු නැවැත්වීමට බවත්ය.
එමෙන්ම මෙම ආණ්ඩුවේ අනුර කරුණාතිලක හා බිමල් රත්නායක යන ඇමතිවරුන්ද එම දූෂිත ගනුදෙනුව ඉදිරියට ගෙන යෑම සඳහා අනුමැතීන් දී ඇති බවත්, එමෙන්ම එම දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට ඉදිරිපත් කළ පැමිණිලි පවා ඇති බවත් හා ඒ සම්බන්ධයෙන් නඩු පවා ඇති බවයි.
එමෙන්ම එම දූෂිත ගනුදෙනුවට අදාළ ලිපි ලේඛන ඔහු සභාගත කරන බවද අජිත් පී පෙරේරා මන්ත්රීවරයා පැවසීය.
