හිටපු අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබෙනවා.
අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (19) සිදුකළ දැනුම්දීමකට අනුව ඔහු මෙලෙස පැමිණ තිබෙනවා.
2009 වසරේ විදේශ අමාත්යාංශයේ පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව තොරතුරු ලබාගැනීම සඳහා ජී.එල්. පීරිස් මහතාගෙන් ප්රකාශයක් ලබාගැනීමට නියමිතයි.
ජී.එල්. පීරිස් මහතා ඊයේ (19) කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයක පැවති මාධ්ය හමුවකදී සඳහන් කළේ 2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසු විදේශ අමාත්යාංශයේ පැවති සාකච්ඡාවක් පිළිබඳ තොරතුරු ලබාගැනීමට අවශ්ය බව දන්වමින් කොමිසම තමන්ට කැඳවීමක් සිදුකර ඇති බවයි.
එම සාකච්ඡාව සම්බන්ධ කරුණු කොමිසමේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා වැදගත් වන බව දැනුම් දී ඇති බවත් ඒ අනුව කොමිසම හමුවේ පෙනී සිටීමට තමන් සූදානම් බවත් ඔහු ප්රකාශ කර තිබුණා.

දැන්වත් පාඩුවේ මේ රට අතෑරලා යනවා නම් මේ වගේ එලොවටත් නැති නාකි හිවල්ලු මේ රටට යහපතක්.