නාමල්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන සංජය සමරසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව විශේෂ ප්‍රකාශයක් සටහන් කරදීම සඳහා අද දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළා.

මීට දින කිහිපයකට පෙර අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සංජය සමරසිංහ මහතාගේ නිවස විශේෂ සහ හදිසි පරීක්ෂාවකට ලක්කළ අතර එහිදී සැකකටයුතු ලෙස හමුවූ විශේෂ සේප්පුවක් වැඩිදුර විමර්ශන කටයුතු වෙනුවෙන් කොමිසමේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකාර පෞද්ගලික ලේකම්වරයාගෙන් අදාළ වත්කම් සහ මූල්‍යමය කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading