කාවන්තිස්සගේ මරණය හොයන්න විශේෂඥ කමිටුවක්

කාවන්තිස්ස ඇතාගේ මරණය සබම්න්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති අතර වන අලි සුභසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම හා ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම ඊට අමතරව එම කමිටුවට පවරා ඇති වගකීම් වේ.

කාවන්තිස්ස ඇතාගේ මරණය සිදුවූ ආකාරය, ඊට බලපෑ ආසන්න හා වක්‍ර හේතු, ප්‍රතිකාර කටයුතුවලදී යම් අතපසුවීම් හෝ නොසැලකිලිමත්කම් සිදුවී තිබේද යන්න සොයා බැලීම එම කමිටුව පැවරී ඇත.

හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ එච් සරත් විජේසිංහ එම කමිටුවේ සභාපතිවරයා වන අතර මහාචාර්ය ටී සමින්ද ප්‍රනාන්දු, මහචාර්ය ඒ ජී අනිල් පුෂ්පකුමාර, මහචාර්ය යූ කේ කාලිංග පද්මලාල්, අචාර්ය ජගත් ගුණවර්ධන හා නීතිඥ චරක ජයරත්න එම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

එම විශේෂඥ කමිටුවේ සම්බන්ධීකාරක ලෙස ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව් ඩබ්ලිව් හැරිසන් පත්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන අවසන් විමර්ශන වාර්තාව දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading