අකුරණ බිහිසුණු අනතුරින් 4ක් මරුට, 20කට බරපතළ තුවාල

අකුරණ – 7 කණුව කුරුගොඩ  ප්‍රදේශයේදී සිමෙන්ති මිශ්‍ර කරන යන්ත්‍රයක් සහිත වාහනයක් තවත් වාහන 10ක ගැටී සිදුවුණු බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු  පමණ බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අනතුර අද (19) දහවල් සිදුව ඇත.

වාහන තුළ සිරවී සිටි සහ මහ මග ගමන් කරමින් සිටි තුවාල කරුවන් 20 කට  වැඩි පිරිසක් රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

සිමෙනති මිශ්‍ර යන්ත්‍රය සහිත ⁣ලොරි රථය රියදුරු පාලනයෙන් මිදී ඉදිරියට ඇදී ගොස් මාර්ගය හරහා පෙරළි තිබෙන බව පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading