අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් වැඩ තහනමට ලක්ව සිටි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ සේවයෙන් පහකර ඇත.
වනයේ සිටි ‘සකුරා’ නැමැති අලි පැටියෙකු නීති විරෝධිව සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඟා තිබූ චෝදනා අටක් සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම විසින් පැවැත්වූ පරීක්ෂණයේදී වැරදිකරු වීම හේතුවෙන් මෙසේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ සේවයෙන් පහකිරීම සිදුකර ඇත.
අධිකරණ සේවා කොමිසම විසින් එම චෝදනා සම්බන්ධයෙන් 2025 අගෝස්තු මාසයේදී ඔහුගේ සේවය අවසන් වරට අත්හිටවූ අතර ඔහු ඒ වනවිට මොරටුව දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළේය.
මුලින්ම අධිකරණ සේවා කොමිසම එම චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ වැඩ තහනම් කරන ලද්දේ 2016 වසරේදී වන අතර 2021 වසරේදී කොළඹ මහාධිකරණය විසින් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැවති නඩුවෙන් ඔහු නිදහස් කරන ලද්දේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින්ය.
