ගොල්ෆේස් අරගලයට පහරදීමෙන් පසු රටපුරා ඇතිවූ නොසන්සුන්තා හේතුවෙන් හානියට පත්වූ දේපලක් සඳහා හානිපූර්ණ කාර්යාල නිලධාරීන්ට බලපෑම් කර නීති විරෝධී ලෙස වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහි නඩුව වැඩිදුර සාක්ෂි විමසසීම සඳහා දෙසැම්බර් 08 දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (නොවැම්බර් 09) නියෝග කර ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න හමුවේ අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂි ලබාදීම සිදුකර ඇති අතර ඔවුන්ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙෂ නියෝග කර ඇත.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැඟිල්ලක් සඳහා හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කරමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ රුපියල් 8,850,000ක වන්දි ලබාගැනීම එම නඩුව සඳහා හේතුවී තිබේ.
