මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (ඔක්තෝබර් 07) පස්වරුවේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කර ඇත.

පනාගොඩ, මැදමණ්ඩිය ප්‍රදේශයේදී මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading