වැලිගම හෝටලයට වෙඩි තැබුවාට දේශබන්දු ඇතුළු පිරිසට අධි චෝදනා

වැලිගම පැලෑන පිහිටි w 15 හෝටලයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට මාතර මහාධිකරණය අද (ඔක්තෝබර් 7) අධිචෝදනා බාරදී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයක් අනුව එම අධිචෝදනා ගොනු කිරීම සිදුකර ඇත.

දේශබන්දු තෙන්නකෝන් ඇතුළු විත්තිකරුවන් අට දෙනා එක් අයකුට රුපියල් දෙලක්ෂ පනස්දාහ බැගින් මුදල් ඇප මත හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ පුද්ගල ඇප 04ක් මත මුදා හරින ලෙස මාතර මහාධිකරණ විනිසුරු නන්දන අමරසිංහ නියෝග කර ඇති අතර එම පුද්ගල ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවද කොන්දේසි පනවා ඇත.

එමෙන්ම නඩුව යළි නොවැම්බර් 27 වැනිදා කැඳවන ලෙසද නියම කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading