පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන ඔක්තෝබර් 16 දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.
ඒ ඔවුන් දෙදෙනා අද (ඔක්තෝබර් 06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ක්‍රිෂ් ගනුදෙනුව පිළිබඳ සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් මෙම නඩුව පැවැත්වේ.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළ නඩුවට මේ වනවිට නාමල් රාජපක්ෂට අධිකරණයෙන් ඇප ලබාදී තිබේ.
