වාසුගේ පක්ෂයේ මහින්ද කහඳගම අයිස් සමඟ අත්අඩංගුවට

වාසුදේව නානායක්කාරගේ ප්‍රජාත්‍රන්තවාදී වාමාංශික පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වූ මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මහින්ද කහඳගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතමයෙක් වශයෙන්ද සැලකෙන අතර ගොල්ෆේස් අරගල භූමියට පහරදීම සඳහා අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි ප්‍රබල ක්‍රියාකාරිකයකු වශයෙන් ද කටයුතු කළේය.

ඊයේ (ඔක්තෝබර් 05) රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසලදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී හිටපු මන්ත්‍රීවරයා සමඟ තවත් අයෙක් එම චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුරටත් විමර්ශන පවත්වන බව පොලීසිය සඳහන් කරයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading