අල්ලස් කොමිසම පී.බී. ජයසුන්දරගෙන් ප්‍රකාශයක් සටහන්කරගනී

එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

නිකවැරටියේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇති අතර, ඒ සඳහා පැය 4කට ආසන්න කාලයක් ගතවූ බව වාර්තා වේ.

මේ අතර, එයාර්බස් ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (සැප්තැම්බර් 30) ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading