බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව අභියාචනාධිකරණය විසින් අද (01) විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් එම විවෘත වරෙන්තු නිකුත් කර ඇති අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කර ඇත.
එමෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමි විදේශ ගතවීම වළක්වාලමින් නියෝගයක්ද අභියාචනාධිකරණය නිකුත් කර ඇත.
