ගලගොඩඅත්තේ ඥානසාරට තවත් වරෙන්තුවක්

ඉස්ලාම් දහමට අපහාස වන අන්දමින් ප්‍රකාශ සිදු කළේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (30) වරෙන්තු නිකුත් කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා හමුවේ අද දින අංක 09 මහාධිකරණයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනු කර තිබේ.

මේ අතර, ජනාධිපති සමාව අහෝසි කිරීමට අදාළව පවතින සිරදඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ මෝසම ඊයේ (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ද ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් එහිදී ද උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණය වරෙන්තු නිකුත් කළේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading