ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු අත්අඩංගුවට

ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු වූ (විමර්ශන) මලේ පතිරණගේ නිශාන්ත මෝහන් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (සැප්තැම්බර් 29) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේනතුවේ කොමසාරිස් (විමර්ශන) ලෙස කටයුතු කරමින් නිල බලය අයුතු ලෙස යොදාගෙන ආයතනයේ ලිපි ශීර්ෂ භාවිතා කර විධිමත් නොවන විමර්ශන අංකයක් යටතේ නිකුත් කර ඇති විමර්ශන වාර්තාවක් සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එම විමර්ශන වාර්තාව මගින් බොරැල්ල එලියට් පාරේ අංක 30 ස්ථානයේ පිහිටි ප්‍රමාණයෙන් හෙක්ටයාර 1.0982ක් වන වෙළෙඳපල වටිනාකම රුපියල් මිලියන 1586ක් වන රජයේ ඉඩම පෞද්ගලික ඉඩමක් ලෙස ඒත්තු ගන්වා එමඟින් රජයට පාඩුවක් මෙන්ම වෙනත් තැනැත්තකුට පාඩුවක් සිදුකිරීම මගින් දූෂණය නැමැති වරද සිදුකිරීම එම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළෂ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading