ජනාධිපති වැය ශීර්ෂය යටතේ ඇති මුදල් සාපරාධී සාවද්ය පරිහරණය කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ලබන ඔක්තෝබර් 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (23) නියෝග කර තිබේ.
කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ මෙම නඩුව කැඳවා ඇති අතර සුගීෂ්වර බණ්ඩාර වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම මහේස්ත්රාත්වරයා විසින් ප්රතික්ෂේප කර තිබේ.
ඒ අනුව සැකකරු ලබන 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අකොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ධුර කාලය තුළ විශේෂ ව්යාපෘති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 22කට අධික මුදලක් සාපරාධී සාවද්ය පරිහරණය කිරීම සහ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
