සමාගම් 06කට මුදල් ගනුදෙනු තහනම් බව මහ බැංකුව නිවේදනය කරයි

සමාගම් හයක් හා ඒවායේ අධ්‍යක්ෂවරුන්ට අයත් සියලුම දේපල හා අනෙකුත් වත්කම් පැවරීම, විකිණීම, පවරා දීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම තහනම් කරමින් නියෝග නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මුදල් ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් එම නියෝග නිකුත් කර ඇත.

එමෙන්ම කොළඹ මහාධිකරණය විසින් එම සමාගම් සම්බන්ධයෙන් වන එකී අත්හිටුවීමේ නියෝගය තහවුරු කර දීර්ඝ කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්, සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්‍රයිවට් ලිමිටඩ්, සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්, ෆෝ ෂොප් ඇඩ්වටයිසින් හෝල්ඩිංග්ස් ප්‍රයිවට් ලිමිටඩ්, ඇතන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් ප්‍රයිවට් ලිමිටඩ් හා ඉයොන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් පොඩක්ෂන් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් එසේ තහනම් නියෝග නිකුත් කර ඇති සමාගම් වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading