එළඹෙන 2027 වර්ෂය සඳහා ආණ්ඩුවේ වියදම ආසන්න වශයෙන් රුපියල් බිලියන 4992ක් බව හා ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3800 ක් බව ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වේ.
ලබන වසරේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ඇති මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට වන අතර එම මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 856ක් වේ.
ඉන්පසු වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට වන අතර ඒ රුපියල් බිලියන 651කි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 590ක් වන අතර ප්‍රවාහන,මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 500කි.
ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 458ක් වන අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 328කි. මහජන ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 230ක් වන අතර කෘෂිකර්ම, පශු සම්පත් හා ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 208කි.
ඊට අමතරව ජනාධිපති කාර්යාලයට වෙන්කර ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 8.47ක් වන අතර අගමැති කාර්යාලයට වෙන්කර ඇති මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 1කි.
