හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායකගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියකු වශයෙන් කටයුතු කරන ලියනාරච්චිගේ සුමතිපාල ලියනාරච්චි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඊයේ (සැප්තැම්බර් 21) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් 81 ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමකින් තොරව ලංකා පොස්පේට් සමාගම සතු පොස්පේට් තෝරාගත් සමාගම් තුනක් සඳහා පමණක් අපනයනය කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබාගැනීමට සහාය ලබාදී ආධාර කිරීම වෙනුවෙන් එම අල්ලස් මුදල ඉල්ලීම හා ලබා ගැනීම ඔහුට ඇති චෝදනාව වේ.
