2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ගොනු කර ඇති ප්‍රධාන නඩුවේ තීන්දුව හෙට (සැප්තැම්බර් 22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරුවරුන් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනෙකුට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.
නඩු විභාගය අතරතුර විත්තිකරුවන්ගේ පාපොච්චාරණ 10ක් සාක්ෂි ලෙස අධිකරණය විසින් පිළිගෙන ඇති අතර, පුපුරණ ද්‍රව්‍ය, තියුණු ආයුධ සහ ගිනි අවි ඇතුළු භාණ්ඩ 2,076ක් නඩු භාණ්ඩ ලෙස නම් කර තිබේ.
2019 අප්‍රේල් 21 වනදා සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් පුද්ගලයන් 274 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 577 දෙනෙකු තුවාල ලබා තිබුණි. මියගිය පිරිස අතර විදේශීය සංචාරකයන් සහ කුඩා දරුවන් ද වූහ.
