මුස්ලිම් කොංග්‍රස් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වසරින් වසර මාරු වේ

ජාතික ලැයිස්තු මන්ත්‍රී අබ්දූල් වාහිද් ඉල්ලා අස්වූයේ පක්ෂය තුළ ඇති එකඟතාවයක් අනුව බවත්, එම පුරප්පාඩුව සඳහා හෙට (සැප්තැම්බර් 16) පැවැත්වෙන පක්ෂ සම්මේලනයෙන් පසු පුද්ගලයකු නම් කරන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිෂාම් කාරියප්පර් පැවසීය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ වසරක් බැගින් වසර පහක කාලය තුළ පස් දෙනෙකු කටයුතු කිරීම එම එකඟතාවය බවත්, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් මෙසේ ඉල්ලා අස්වූයේ දෙවන පුද්ගලයා බවත් නිෂාම් කාරියප්පර් මහතා වැඩිදුරටත් පැවසීය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading