බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපති අත්අඩංගුවට

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයකු වූ ඕපාත විතානගේ ප්‍රසන්න සංජීව දූෂණය නැමැති වරද සිදුකිරීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (සැප්තැම්බර් 15) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි ප්‍රඥප්තිය උල්ලංඝනය කර ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමෙන් රජයට රුපියල් 4,160,000 ක පාඩුවක් හා බාහිර පාර්ශවයන්ට වාසියක් සිදුකිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම අත්අඩංගුවට ගත් හිටපු සභාපතිවරයාට එරෙහි චෝදනාව වේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading