වරදක් පිළිගත්තම නිවැරදි වෙන්න අවස්ථාව තිබිය යුතුයි; සාගර කාරියවසම්

ජීවිත කාලය තුළ වරදක් කළාම තමන් කළේ වැරැද්දක් බව පිළිගෙන නිවැරැදි වෙන්න ඕනෑම පුද්ගලයෙකුට අවස්ථාව තිබිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

අංගුලිමාලට එම අවස්ථා තිබූ ලෙස අනෙක් ඕනෑම අයෙකුටද එම අවස්ථාව ඇතැයිද ඒ මහතා කීය.

නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් එක්සත් ජාතික පක්ෂය අද නිවේදනයක් නිකුත් කරත්දී එදා මහින්ද හොරා යැයි පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතා හඬ නැගීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේය.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග සම්බන්ධව දැනුවත් කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා මෙසේද පැවසුවේය. ඔස්ට්‍රේලියාවේ ඉන්න පුද්ගලයෙක් ලබා දුන්න ප්‍රකාශයක් පමණක් පදනම් කරගෙන නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාර ගත කළා. අපි මේක දකින්නේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මැඩලීම සඳහා නීතිය වැරදි විදිහට පාවිචිචි කිරීමක් හැටියටයි. මේ සම්බන්ධව මානව හිමිකම් සංවිධාන, දේශාපාලන සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සියල්ල දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. එම ක්‍රියයාදාමයේ එක් පියවරක් ලෙස මහනයාක හිමිවරු බැහැදැකලා උන්වහන්සේලා දැනුවත් කළා.

අපි කියන්නේ නාමල් රාජපක්ෂ මහතා වැරැද්දක් කරලා නැහැ කියලයි.. කවුරුහරි හිතනවා නම් වැරැද්දක් කරලා තියෙනවා කියලා ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ නිසි අධිකරණයකින් ඒ පිළිබඳව නඩු විභාගයක් පවත්වලා. අදාළ සාක්කිකරුවෝ ගෙන්නලා ඒ සාක්කි මත තීන්දුවක් ගන්න එකයි. මෙතන කිසිම සාකික්කරුවෙක් නැහැ. කිසිම සාධකයක් නැහැ. විදෙස් ගත පුද්ගලයෙක් කියනවා මුදල් දුන්නා කියලා. ඒ විදෙස් ගත පුද්ගලයා ලංකාවට එන්නේ නැහැ. මුදල් ලබාදුන් තැනක් දිනයක් නැහැ. යම්කිසි පුද්ගලයෙකුගේ කට වචනය උඩ ප්‍රකාශයක් මත දේශපාලන නායකයෙක් සිරිගත කිරීම අපි දකින්නේ දේශපාලන පළිගැනීමක් හැටියටයි.

යහ පාලන කාලයෙත් මේ වගේම උත්සහා දැරුවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේත් නඩු පැවරුවා. ඒ නඩු බොහොමයකින් බොහෝ දෙනෙක් නිදෝස්කොට නිදහස් වුණා. නාමල් රාජපක්ෂ මහතාට තිබූ නඩු වලින් එතුමා නිදොස් කොට නිදහස් වුණා. ඒ වගේම අපි දැක්කා පසු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනවා අපි එහෙම හිතලා පරීක්ෂණ කළාට ඒ ආකාර කිසිම වංචාවක් වැරැද්දක් සොයා ගන්න නොහැකි වුණා කියලා. මේ අය බලයට ආවේ දේශපාලනඥයෝ මහා දැවැන්ත වංචා කළා කියලා කියලයි. අවුරුදු 76 ක ශාපයක් ගැන කිව්වා.අධිවේගි මාර්ග වලින් වරායවල් වලින් ගුවන් තොටුපෙළ වලින් මහා විශාල ලෙස මුදල් සොරකම් කළා කිව්වා.අනුර කුමාර දිසානායක මහතාගේ කැබ් එක පටිපස්සේ තිබුණු එක ෆයිල් එකක් වත් එළියට එන්නේ නැහැ. මොකද ඒවා කිව්වේ ජනතාව රැවටීමටයි. මේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ ඒවා සම්බන්ධයෙන් නෙවෙයි. ඔස්ට්‍රේලියාවේ ඉන්න පුද්ගලයෙකුගෙන් ලබාගත් ප්‍රකාශයක් මතයි.

Author

1 Comment

  • වරදේ ස්වභාවය මත පදනම්කරගෙන තමයි, දඬුවම දෙන්නෙ.. ඒ කාලසීමාව තුළ තමන් නූගත් පාඩම් ඉගෙනගෙන ඊළඟ නිදහස ලැබුවම නිවැරදිව දිවිගෙවන්න පුලුවන්.. රටේ දේවල් හොරා නොකා.. මහන්සියෙන් උපයපල්ල..

Comments are closed.

Related Posts