හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (සැප්තැම්බර් 11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදුකළ කැඳවීමකට අනුව ඔහු මෙලෙස එම කොට්ඨාසය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
මේ අතර, අදාළ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ද ඊයේ (සැප්තැම්බර් 10) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබුණි.
