හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෛවඥයා වශයෙන් කටයුතු කළේ යැයි කියන සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (සැප්තැම්බර් 10) පැමිණ තිබේ.
ඔහුව එම කොමිසම හමුවට කැඳවා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රජපක්ෂගේ සිරිලිය සවිය සංවිධානය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් සඳහා ප්‍රකාශ ලබාගැනීම සඳහා ය.
බැසිල් රාජපක්ෂ හා නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් විසින් ඔවුන්ට හිමිකමක් නැති බව ප්‍රකාශ කරමින් අත්හරින ලද මල්වානේ මන්දිරය යැයි ප්‍රචලිත වූ සුඛෝපභෝගි නිවස ඉදිකිරීමේ කටයුතුවලදී ඒ සඳහා වන නැකැත් සෑදීමේ කටයුතු ඔහු කළ බව සුමනදාස අබේගුණවර්ධන ඒ සම්බන්ධයෙන් වන විමර්ශනයේදී ප්‍රකාශ කර තිබුණි.
