හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව නැවත කැඳවීම එළඹෙන සැප්තැම්බර් මස 23 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ මහත්මිය අද (08) නියෝග කර තිබේ.
අසත්‍ය තොරතුරු සහ කූට ලේඛන ඉදිරිපත් කරමින් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට කටයුතු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත. එමඟින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් නොමඟ යවා රැවටීමට ලක්කළ බවටද ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
2004 ඔක්තෝබර් මස 09 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 01 වනදා අතර කාලසීමාව තුළ පානදුර හා කොළඹ ප්‍රදේශවලදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර කූට ලෙස මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත්‍රය ගොනු කර තිබේ.
