ඊළඟ උසස්වීම් ශ්‍රේෂ්ඨාධිකරණයට නොලැබීම හේතුවෙන් වයස අවුරුදු 63 සම්පූර්ණ වීම නිසා අභියාචනාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ සැප්තැම්බර් 01 වැනිදා විශ්‍රාම ගොස් ඇත.
මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 4ක් පවතින අතර එම පුරප්පාඩු පිරවීම සඳහා ඒ සඳහා බලය ඇති ජනාධිපතිවරයා මෙතෙක් කටයුතු කර තිබුනේ නැත.
එසේ වුවද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා අධිකරණ සංවිධාන පනත සංශෝධනය සඳහා ආණ්ඩුව කෙටුම්පත් ඉදිරිපත් කර ඇත්තේ පළපුරුදු විනිසුරුවරුන් විශ්‍රාම නොයවා ඔවුන්ගේ සේවය තවදුරටත් ලබාගත යුතු බව පවසමිනි.
