උතුරු පළාතේ අතුරු ව්‍යවස්ථා 19ක් සඳහා ආණ්ඩුකාර අනුමැතිය නෑ – රාසමානික්කම්

උතුරු පළාතේ පළාත් පාලන ආයතන විසින් සම්මත කර ඇති අතුරු ව්‍යවස්ථා 19ක් සඳහා මෙතෙක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අනුමැතිය ලබාදී නැති බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කියන් රාසමානික්කම් පවසයි.

එම අතුරු ව්‍යවස්ථා බොහොමයක් එම පළාත් පාලන ආයතනවලට ආදායම් ලබා ගැනීම සඳහා සකස් කර සම්මත කරන ලද ඒවා බවත්, මෙම තත්වය මත එම පළාත් පාලන ආයතනවලට සිය ප්‍රදේශය තුළ කටයුතු කිරීමේ ගැටලු මතුවී ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ඔහු ප්‍රකාශ කරන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ කතාකරන ජනතාව වෙසෙන ප්‍රදේශවල කිසිඳු පළාත් පාලන ආයතනයක් ආණ්ඩුව විසින් දිනා නැති තත්වය තුළ එම පළාත් පාලන ආයතනවල කටයුතුවලට බාධා වන පරිදි ආණ්ඩුකාරවරුන් මෙසේ අනුමැතිය ලබාදීම් සිදුනොකරන බවයි.

ආණ්ඩුකාරවරයා යනු ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන ඔහුගේ නියෝජිතයා බැවින් ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ඔහුට කටයුතු කිරීමට සිදුවීම මෙම තත්වයට හේතුවිය හැකි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading