22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා නිීතිඥ සංගමය වෙනුවෙන් එහි භාණ්ඩාගාරිකවරයා හා සහකාර ලේකම්වරයා ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වීම සඳහා අවසර ඉල්ලමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි අතරමැදි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.
යෝජිත සංශෝධනය සඳහා පාර්ශවකරුවන්ගෙන් ප්‍රමාණවත් ලෙස කරුණු විමසා නැති බව, ඒ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මඟහැරීම, ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා කරනු ලබන ඉල්ලීම හා පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම විභාගලයට ගන්නා ලෙස කර ඇති ඉල්ලීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීම් ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා විසින් සිය අතරමැදි පෙත්සම මගින් අභියෝගයට ලක්කර ඇත.
ඒ අනුව නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙසත්, පෙත්සම මගින් ඉල්ලා සිටින සහන ප්‍රත්කිෂේප කරන ලෙසත්, නඩු ගාස්තු සහ අධිකරණය සුදුසු යැයි නිගමනය කරනු ලබන වෙනත් ඕනෑම සහනයක් ලබාදෙන ලෙසත් එම පෙත්සම මගින් ඉල්ලා ඇත.
