ඉලංකෙයි තමිල් අරසු පක්ෂය විසින් උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල එම පක්ෂය නියෝජනය කරනු ලබන නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, උප සභාපතිවවරුන් හා පළාත් පාලන ආයතන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා ඇත.
මෙම දැනුවත් කිරීම් පසුගිය 22 හා 23 දිනවල වව්නියාවේදී හා යාපනයේදී පවත්වා ඇත.
පළාත් පාලන ආයතන සක්‍රීයව පාලනය කිරීමට හා කළමනාකරණය කිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා ධාරිතාව වැඩිදියුණු කිරීම එහිදී අවධානය යොමුකර ඇත.
ආදායම් උත්පාදනය සහ මූල්‍ය තිරසරභාවය, අතුරු ව්‍යවස්ථා සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම, නගරාධිපතිවරුන්ගේ හා සභාපතිවරුන්ගේ බලතල හා වගකීම්, පළාත් පාලන ආයතනවලට පැවරී ඇති බලතල, පරිපාලන ක්‍රියාපටිපාටි, සැලසුම්කරණය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම එම දැනුවත් කිරීමේ වැඩසටහනේදී ආවරණය කෙරුණු ක්ෂේත්‍ර වී ඇත.
