විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය විසින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එවන ලද ලිපියට ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ එම ලිපිය සම්බන්ධයෙන් ජිනීවාහි නිත්‍ය නියෝජිත කාර්යාලය මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ප්‍රතිචාර ලිපියක් යොමු කිරීම මගිනි.
එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිඳු බලපෑමක් සිදුනොවන බවයි.
මෙම සංශෝධනය කිසිඳු ලෙසකින් විධායකයේ බලපෑම මත හෝ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සකස් කර නොමැති බවත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට බාධාවක් නොවන බවත්, විධායකයට තමන්ට රුචි පරිදි තනි තනි විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ඉන් ඉඩක් නැති බවත් එම ලිපියේ පෙන්වා දී ඇත.
එමෙන්ම එම සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සංශෝධනයට ලක්කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නිල තීන්දුවට ආණ්ඩුව පූර්ණ ලෙස ගරු කරන බවද එම ලිපියේ සඳහන් කර තිබේ.
