බැකෝ සමන්ගේ මව ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (23) දින තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය අගෝස්තු 12 වන දින මිද්දෙනිය පොලිස් වසමේදී මෙම ඝාතනය සිදු කර තිබිණි.

මිද්දෙනිය ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලදී ලැබුණු තොරතුරක් අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 19 වන දින අයිස් මත්ද්‍රව්‍ය සමග මිද්දෙනිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි මුල් සැකකරු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, අගෝස්තු 23 වන දින වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ලබන 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.

එසේම, එම සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත පදනම්ව මෙම ඝාතනයට ආධාර අනුබල දුන් මිද්දෙනිය ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි දෙවන සැකකරුද අගෝස්තු 23 වන දින අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading