හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට හා යෝෂිත රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද අධිචෝදනා බාරදී ඇත.
යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගැනීම, විදේශ පුහුණුවලට යැවීම ඇතුළු චෝදනාවලට හිටපු නාවික හමුදාපතිවරයාට අධි චෝදනා බාර දී ඇති අතර යෝෂිත රාජපක්ෂට අධි චෝදනා බාරදී ඇත්තේ එම කටයුතු- සම්බන්ධයෙන් ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙනි.
අධි චෝදනා බාරදීමෙන් පසු කොළඹ මහාධිකරණය විසින් ඔවුන් දෙදෙනා ඇප මත මුදාහැර ඇත.
